අපට නොපෙනෙන ලෝකය දහම් ඇසින් …….

මේ ලිපියෙන් පෙන්වා දෙන්නේ අපි පුංචි කාලේ ඉඳලම අහල තියෙන යම රජ්ජුරුවන් ඉන්න යම ලෝකයේ සැබෑ තත්වයයි. මෙතනදී යම කියන වචනයෙන් අදහස් කරන්නේ දෙලොවක් අතර කියන එකයි. මේ අවස්ථාවේ මනුස්සයා මැරිලත් නෑ, තවත් තැනක ඉපදිලත් නෑ. මැරෙන්න පෙර මනෝමය කයකින් ගිනියන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මේ යම කියන අවස්ථාව. මේ නිසා දැල්වුනු ඇහැට මෙලොවත්, පියවුනු ඇහැට පරලොවත් කියල මේ යම ලෝකය ගැන ධර්මයෙහි සඳහන් වෙනවා. හැබැයි මරණාසන්න මොහොතේ දී සියල්ලන්ම යම ලෝකයට යන්නේ නෑ. ඊට සුදුසු අය ඉන්නව නම් ඒ අය ඒකට සම්බන්ධ වෙනවා. ඒක නිකම්ම සිද්ධ වෙනවා නෙවෙයි. යම් කෙනෙක්ට ම කියා පිං පොතක් තියෙනවා. මේ පිං පොත ස්වයංක්‍රීයව යම රජ්ජුරුවො ළගට එනවා. ඒ ඒ පුද්ගලයා කරල තියෙන පිං පව් විග්‍රහ කරලා තමයි විනිශ්චය ලබා දෙන්නේ.

යම් නඩුවක් විනිශ්චය කරන්න ඕන වුනාම අවශ්‍යය පුද්ගලයාගේ පිං පොත ස්වයංක්‍රීයව යම රජ්ජුරුවන් ළගට එනවා වගේ අවශ්‍ය කටයුත්ත ඉවර වුනාම එම පොත ආපහු ගිහින් තියන්න ඕන නෑ. එම පොත ස්වයංක්‍රීයව අදාල ස්ථාන යේ තැන්පත් වෙනවා. ඒ තමයි ගුප්ත ලෝකයේ තියෙන පොත් ගුලේ හැටි. කර්ම බලවේගයෙන්මයි ඒවා යන්නේ එන්නේ. ඒකෙන් තමයි යම පල්ලන්ට යම රජ්ජුරුවෝ දැනුම් දෙන්නේ, අහවල් රටේ, අහවල් ගමේ, අහවල් පුද්ගලයා කියලා. මෙලොවදී යම් පුද්ගලයෙක් පිං පව් දෙකම කරලා, ඒ අතර බරපතල පාප කර්මත් කරල තියෙන අවස්ථාවක ඒ මරණාසන්න මොහොතේ ඉන්න පුද්ගලයා යම ලෝකයේ සිටින දූතයන් විසින් ගෙනියනවා. මැරෙන්න පෙර ක්‍රියාවකින් තමයි ඒක සිදුවන්නේ. මේ නිසා තමයි සමහර අය මැරෙන්න පෙර, මං එක්කගෙන යන්න ඇවිල්ලා ඉන්නවා වශයෙන් කියන්නේ.එක්තරා අවස්ථාවක දී කෑගල්ල ප්‍රදේශයේ බළලෙක් මරපු පුද්ගලයෙක් මරණාසන්න මොහොතේ දී, බළල් නඩුවට මාව ගෙනියන්න ඇවිත් ඉන්නවා කියලා ප්‍රකාශ කරලා තිබුණා. මේ වගේ යම දූතයෝ කල් තියාම ඇවිත් අදහස දෙනවා.

හැබැයි මෙහෙම ගෙනිහින් සමහර අය ආපසු එවපු අවස්ථාත් තියෙනවා. එතකොට එයා නෙවෙයි, වෙන කෙනෙක් කියල නියමිත පුද්ගලයා රැගෙන යනවා. මොකද යම පල්ලන්ටත් වරදිනවා. එක්තරා විදේශ ජාතිකයෙක් ශල්යට කර්මයකට භාජනය වෙලා සිහිය නැති වෙලා හිටපු අවස්ථාවක සිද්ධ වෙච්ච මෙවැනි සිද්ධියක් ඒ පුද්ගලයා නැවත සිහිය ආවට පස්සෙ විස්තර කරල තිබුණා. “උඹ අදට පලයන් හැබැයි උඹේ අනිත් එවුන්ටත් කියපං උන්ටත් මෙතනට තමයි එන්න වෙන්නෙ කියලා.” මෙහෙම කියපු ඒ පිරිස අර පුද්ගලයව අත ඇරියලු. මේ වගේ සිද්ධීන් ඕන තරම් වාර්තා වෙලා තියෙනවා. ඒවා බොරු නෙවෙයි සත්යි සිදුවීම්.මේ වගේ වෙලාවක මනුස්සයා සිහි නැති වෙලා හරි මොකක් හරි වෙලා තවම මැරිලා නෑ. මනෝමය කයින් අරගෙන යනවා. යම රජු පිං පොත බලලා අදාල පුද්ගලය නෙවෙයි කියලා දැනුම් දුන්නම ආපසු සැරයක් ඒ පුද්ගලයාව ගෙනගිහින් සුදුසු කෙනා අරන් එනවා. මේ වගේ අවස්ථාවක නොමැරී දෙලොවක් අතර ඉන්නවා.
දැන් මේ විදියට මේ මස් ලේ කයින් වෙන් වෙලා යන කොටත්, නැවත මස් ලේ කයට ඇතුල් වෙන කොටත් ඒ කයවල් අතර සම්බන්ධය ගොඩනගන්නේ එක්තරා රැහැනකින්. ඒ ගැනත් යමක් දැනගෙන ඉන්න එක හොඳයි. ඒ රැහැනට Silver Code කියලත් බටහිර විද්යා වේ හඳුන්වනවා. හැබැයි ඒක මස් ලේ ඇහැට පේන එකක් නෙවෙයි. කොහොම හරි මේ රැහැන තියෙනකල් තමයි යන්න එන්නේ. මේ රැහැන ගැන කැස්බෑවෙක් උපමා කරපු දේශනාවකින් මේ විදිහට පෙන්වනවා. හැබැයි මේක උපමාවක් විතරයි.
එක් කැස්බෑ මවක් තමන්ගේ පුතාට මෙහෙම කියනවා. “පුතේ උඹේ පරම්පරාව විනාශ වුණේ ඔන්න ඔය පැත්තට ගිහින්. ඔය පැත්තෙ ප්රිරය මනාප කෑම තියෙනවා. කන්න ගියොත් මිනිස්සු දැන උගුලක් තියෙනවා. ඒකට අහුවෙනවා. අපේ පරම්පරාව උන් ඕවා කන්න ගිහින් විනාස වුණා. ඒ නිසා උඹ යන්න එපා.” නමුත් කැස්බෑ පුතා මේක ඇහුවේ නෑ, ගිහින් කෑවා. කාලා පැනලා අම්මා ළඟට ඇවිත් කියනවා, මම නම් ගිහින් කාලා ආව කියලා. එතකොට ඒ කැස්බෑ අම්මා අහනවා, “බලපන් පුතේ උඹේ ඔය පිටිපස්සෙන් ඇවිත් රැහැනක් තියෙනවා නේද? එහෙනම් උඹේ ජීවිතයට තියෙන ආසාව අත ඇරපන් උඹේ අනිත් අයත් ගිහින් ආවේ ඔහොම තමයි. එහෙම ආවම උන් දන්නේ නෑ. රැහැනෙන් ඇදලා ගෙනියනවා. උඹත් ඉතින් හිටපන් දැන් තරන්න දෙයක් නෑ.” කැස්බෑ මව මෙහෙම කියලා ටික වෙලාවක් යන කොට රැහැනෙන් ඇදෙන්න පටන් අරන් මිනිස්සු අතරට ගිහින් ඒ කැස්බෑ පුතා මාරුම් කෑවලු.
මේ උපමාවෙන් කියන්නේ පිං පව් කළාම රැහැනකින් සම්බන්ධ වෙන හැටි තමයි. අපි ඇම කනවා වගේ යම් බලාපොරොත්තුවකින් යමක් කළොත් ඒ කාරණය අපිට රැහැනකින් සම්බන්ධ වෙනවා. ඒක පෙන්වන්නේ යම් කිසි මිනිහෙක් බිලී කොක්කක ඇමක් ගහලා දියට දැම්මම ඇම ගිල්ල මාළුවා රැහැනකින් බිලී කොක්කට සම්බන්ධ වෙනවා වගේ. ඒක ගිල්ලම අර මිනිහට ඕන දෙයක් කර ගන්න පුළුවන්. හරියට දුන්නක් වගේ. ඒක කැඩෙන්නෙ නෑ. මනෝමය කයින් යනකොට කොච්චර දුර ගියත් ඒක තියෙනවා. කැඩුනයි කියන්නේ එතැනින් ඒ ආත්මබවයේ ජීවිතය ඉවරයි කියන එකයි.

තව තොරතුරු අවශ්‍ය නම් ලියන්න ……..

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s