සියවසේ විශිෂ්ටතම සංගීත භාණ්ඩය – ඉන්ස්ට්රුමන්ට් වන් හෙවත් ආර්ටිෆෝන්

තනි වාදකයෙකුට වාදනය කළ හැකි වාදක භාණ්ඩ කට්ටලයක් සහිත අලුත්ම වාදක සංගීත භාණ්ඩයක් දැන් නිපදවා තිබේ. එය විසි එක්වැනි සියවසේ විශිෂ්ටම සංගීත භාණ්ඩය ලෙස සැලකිය හැකිය. ගිටාරයක සිට වයලීනය තෙක් වන තත් භාණ්ඩ සැමෙකක්ම මෙමඟින් වාදනය කළ හැකිය. පියානෝවක් හෝ ඩිර්ම්ස් කට්ටලයක් ලෙසත් වාදනය කළ හැකිය.

මෙය තනා ඇත්තේ නෑෂ්විල්හි සංගීතඥයෙකු විසිනුයි. ඔහු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්. විවිධ සංගීත භාණ්ඩ ගණනාවක ශබ්ද ඇතුළත් මේ අමුතුම සංගීත භාණ්ඩය හැඳින්වෙන්නේ ඉන්ස්ට්රුමන්ට් වන් හෙවත් ආර්ටිෆෝන් (Artiphon) කියලයි.
මෙයට සංගීත භාණ්ඩ ගණනාවක හඬ නැංවීමට හැකිවුණත් එතරම් බර නැහැ. ගිටාරයක් මෙන් උරහිසෙහි එල්ලාගෙන හෝ වාදනය කළ හැකිය. වාදන භාණ්ඩය අනුව සුදුසු ඉරියව්ව ඔබට පහසු විදියට යොදාගත හැකිය.
ගිටාරයක් හෝ වයලීනයේ සැබෑ තත් නැතුවාට මෙහි ආභාසී තත් (Virtual cords) තියෙනවා. ඇඟිලි තුඩු ඒවා මත ගෙන යන විට අවශ්‍යය වාදනය ඇසෙනවා. මෙහි ඇතුළත ඇම්ලිෆයරයක් තියෙනවා. මයික්‍රොෆෝනයක් මඟින් කටහඬ පටිගත කරගන්න පුළුවන්. මෙහි ශබ්ද පාලන මුළුමනින්ම අයි ෆෝනයක් යොදාගෙන කළ හැකිය. බොත්තමක් තද කිරීමෙන් භාණ්ඩයේ හඬ මාරුකළ හැකි වේ. මෙය ඇපල් ආයතනයේ මෙවලම් සමග වැඩ කිරීම පිණිස සකසා ඇතත් මිඩි (MIDI) උපාංගයක් සවි කිරීමෙන් වෙනත් ඒවාටත් එය භාවිත කළ හැකිය.
ගිටාර, බාස්, වයලීන, බැන්ජෝ, ආදී තමන් කැමති ඕනෑම සංගීත භාණ්ඩයක හඬ ඇණවුම් කර ලබා ගන්න පුළුවන්. වාදකයාට තියෙනනේ අවශ්‍ය හඬ සක්‍රීය කර, එය වයලීනයක් නම් නිකට යටින් තබාගෙන වාදනය කිරීමයි. බෙරයක් හෝ පියානෝවක් වාගේ වාදනය කරනවා නම් උකුල මත තබාගෙන එය කළ හැකිය.
මෙය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ඇමරිකාවේ ටෙනසි ජනපදයේ නාෂ්විල්හි බෙල්මොන්ට් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා කථිකාචාර්යවරයෙකු වූ මයික් බුතේරා (Mike Butera)ටයි. ඔහුට ධ්වනි විද්‍යාවට හා සංගීතයට ආචාර්ය උපාධියක් තියෙනවා. මේ වසර අගදී එකක් ඩොලර් අසූ දහසක් ($80000) මිලකට මෙය අලෙවියට තබන බව සඳහන් වෙයි.

Advertisements

About muthuhetti1

I am M.G.Pathum Jeewantha. I live in Habarakada, West Tawalama. We come to Aruna Sir’s Classes at pcschool computer school. My Target is to pass the 2016 O/L exam. I have one sister and no brothers. My Mother’s Name is Mrs.S.A.Ranasingha. She is very kind. My father is Mr.M.G.Nanda. I love My parents. I like to learn IT. My favorite Subject is ICT. My School is Very beautiful. My favorite food is Meat and rice. My birth day is 2001.01.25 I like to play cricket. I want to be a doctor.
This entry was posted in Uncategorized and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s