රතු-දම් පැහැති සාගර ජීවියෙකු සොයා ගන්නට සාගර විද්‍යාඥයන් සමත් වුණි. ඇකෝන් පණු වර්ගයට අයත් මේ පණු විශේෂය මින් පෙර වාර්තා නොවීය. අත්ලාන්තික් සාගරයේ 2.5 km ක් (සැතපුම් 1.5 ක්) ගැඹුරු මුහුදු පත්ලේ ජීවත්වන මෙම සතාගේ හිස දෙපැත්තේ විශාල අධර (තොල්) දෙකක් තිබීම නිසා ඒ සොයා ගත් විද්‍යාඥයන්ට ඌ දුටු විට සිහිපත් වී ඇත්තේ ස්ටාර් වෝස් චිත්‍රපටයේ ලොකු කන් ඇති යෝඩා චරිතයයි.
ඒ අනුව ඔවුන් මේ අලුත් සොයා ගැනීම පර්පල් යෝඩා කියා නම් කර තියෙනවා. උගේ සම්පූර්ණ විද්‍යාත්මක නාමය යෝඩා පර්පුරාටා යන්නයි. සාගර පත්ලේ පරිසරය පිරික්සන්නට යොදාගෙන ඇති ඉකෝමාර්නම් පර්යේෂණ වැඩසටහන යටතේ දුරස්ථව පාලනය කරන කුමුදුවක් යොදා කළ පිරික්සුම්වලදී තමයි, මේ අපූරු සත්වයා හමුවී තියෙන්නේ. අත්ලාන්තික් සාගරයේ අයිස්ලන්තයත්, ඇසෝරස් දූපතත් අතර පිහිටි මධ්‍ය අත්ලාන්තික වැටිය අසල මුහුදු පතුලේ දී තමයි මේ අලුත් සත්වයා සොයාගෙන තියෙන්නේ.
Advertisements